විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට ඊයේ (16දා) රාත්‍රී කාලයේ සිට දිගින් දිගටම දුරකථන හරහා මරණීය තර්ජන එල්ලවන බව පවසමින් ඒ මහතා මහරගම පොලිස් ස්ථානයට පැමිණිලි කර තිබේ.
නිර්මාල් රංජිත් දේවසිරි මහතාගේ බිරිඳටද මේ ආකාරයට වෙනමම තර්ජනයක් සිදුකර ඇති අතර, අද පෙරවරුවේ ලැබුණු දුරකථන ඇමතුම්වලින් කියා ඇත්තේ දියණියට ඇසිඩ් ගසන බවයි.
මේ නිසා තමාගේ ජීවිතයට අනතුරක් විය හැකි බැවින් මහරගම පොලීසියට පැමිණිලි කළ බව දේවසිරි මහතා කීය.
මේ අතර විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති චන්ද්‍රගුප්ත තේනුවර මහතා සඳහන් කළේ මේ පිළිබඳව පොලිස්පතිවරයාටද පැමිණිලි කළ බවයි.