පොදු අෙප්ක්ෂකයාද? එ.ජා.ප. අපේක්ෂකයාද? එ.ජා.ප. විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද
ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වන මහින්ද රාජපක්ෂ මහතාට එෙරහිව ඉදිරිපත් වන අපේක්ෂකයා පොදු අෙප්ක්ෂකෙයකුද නැතිනම් එ.ජා.ප අපේක්ෂකෙයකුද යන්න අද (21දා) පැවැත්වෙන එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීෙමන් පසුව තීරණය වනු අැත.
විපක්ෂ සන්ධානය සමග එක්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ඊෙය් රාත්‍රිය වනවිටත් අාරංචි පැතිර ගිය විපක්ෂයේ ප්රබලයෙකු එෙස් පැමිණියෙහාත් ඔහු ෙපාදු අෙප්ක්ෂකයා ෙලස ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමුව තිබෙන බවත්, ඔහු අාසන්න වශයෙන් අාණ්ඩුෙව් සාමාජිකයන් 25 දෙනකු සමග පැමිෙණන්ෙන් නම් ඔහු ෙපාදු අෙප්ක්ෂකයා වීමට ෙබාෙහා් දුරට ඉඩ අැතැයි පැවසුනි.
එසේ නොමැතිවුවහොත් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීමට පිළිබඳව අවධානය යොමුව තිබේ.
කෙසේ වෙතත් 'සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය' සහ 'පිවිතුරු හෙටක්' සංවිධානය ආණ්ඩුවේ කණ්ඩායමක් නොපැමිණෙන්නේ නම් පොදු අපේක්ෂකයා ලෙස එ.ජා.ප නායකත්ව මණ්ඩල සභාපති කරු ජයසූරිය මහතා යෝජනා කිරීමට වැඩි කැමැත්තක් දක්වමින් සිටිති. ඔවුන්ගේ අදහස වන්නේ ආණ්ඩුවේ කණ්ඩායමක් නොපැමිණෙන්නේ නම් පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම මගින් සියලු විපක්ෂ කණ්ඩායම් එක මතයකට ගෙන ඒමට හැකියාව ලැබෙන බවයි.
මේ සම්බන්ධයෙන් ජාතික හෙළ උරුමයේ මතය විමසූ විට ඔවුන් පවසා සිටියේ ආණ්ඩුවේ ප්රබලයෙකු පැමිණෙන්නේ නම් ඔහුගේ වැඩපිළිවෙල කුමක්දැයි සලකා බලා ඔහුට සහාය දීම හෝ නොදීම තීරණය කරන බවය. එසේම කරු ජයසූරිය මහතා සමස්ථ විපක්ෂ නියෝජිතයා ලෙස ඉදිරිපත් වන්නේ නම් හෙළ උරුමයේ සහාය ඔහුට ද ලැබීමට ඇති ඉඩ ප්රස්ථා වැඩි බව පැහැදිලි වෙයි.
එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුද යන්න හෝ එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙකුට සහාය දෙනවාද යන්න සම්බන්ධයෙන් අද (21දා) රැස්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවසන් තීරණය ගැනීමට නියමිතය. මෙහිදී එ.ජා.ප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු වැඩි පිරිසකගේ කැමැත්ත වී ඇත්තේ ජාතික නායක රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යුතු බවයි.
රනිල් වික්‍රමසිංහ මහතා අවශ්‍ය නම් පොදු සලකුණක් යටතේ ඉදිරිපත් වීමටද මේ වනවිට කැමැත්ත පළ කර තිබේ.
පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නමද නිර්පාක්ෂික අපේක්ෂක යටතේ නම් වී තිබුණද උන්වහන්සේගේ අදහස වී ඇත්තේ මේ අවස්ථාවේ දී දේශපාලඥයෙකු ඉදිරිපත් වීම ඉතා වැදගත් බවයි. මේ අනුව අද (21) පැවැත්වෙන එ.ජා.ප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා තීරණාත්මක එකක් වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.