ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ අවසරයකින් තොරව රබර් වගාව සඳහා පොහොර, රසායනික ද්‍රව්‍ය ඇතුළු කිසිදු ද්‍රව්‍යයක් විකිණීම හෝ නොමිලේ බෙදා දීම සපුරා තහනම් කර තිබේ.
ඵලදාව වැඩිකිරීමට හෝ වියළී ගිය ගස්වලින් නැවත කිරි ලබාගැනීමට හැකි බව පවසමින් නොයෙකුත් වෙළෙඳ නාමයන් යටතේ ඇති ආලේපන හෝ ද්‍රව්‍ය භාවිත නොකරන ලෙසත්, ඒවා අලෙවිකරන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ලබාදෙන ලෙසත් එම ආයතනය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.