අල්ලස් ගත් තංගල්ල හිටපු සභාපතිවරයෙක් අත්අඩංගුවට
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු රුපියල් ලක්ෂයක අල්ලස් මුදලක් ලබාගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ මර්දන කොමිසමපවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු හා හිටපු විපක්ෂ නායකවරයෙකු වන කිත්සිරි සායක්කාර නමැත්තෙකි.
සැකකාර හිටපු සභාපතිවරයා සිය නිවස තුළදී අද (16දා) උදෑසන අල්ලස් ලබා ගනිමින් සිටියදී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතාපැවසීය.
මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සතු ඉඩමක සැලැස්මක් තංගල්ල ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ලවා අනුමත කරදෙන බව පවසා මෙම රුපියල් ලක්ෂයක අල්ලස් මුදල ලබාගෙන ඇතැයි අනාවරණය වී තිබේ.
ඔහු අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයටඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.
සූරියවැව - නුවන් ජයසේකර
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
