අරලිය ගහ මන්දිරිය ඉදිරිපිට තාප්ප සැරසිල්ලක් ලෙස තබා තිබූ මල් පෝච්චි 45000ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානය වෙත ලබා දෙන ලෙස අගමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කළ බව අගමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පැවසීය.
එම මල් පෝච්චි පොදුරජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව වෙනුවෙන් රුපියල් තිස් ලක්ෂයක් වැය කරමින් සකස් තිබේ.
එම මල් පැල නඩත්තුවට මසකට ලක්ෂ ගණනක් මහජන මුදල් වියදම් කිරීම සිදුවන නිසා මේ පියවර ගත් බවද හෙතෙම පැවසීය