දිස්ත්රික්ක 18කට බලපා තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 14432කට අයත් පුද්ගලයන් 52380ක් මේ වන විට පීඩාවට පත්ව සිටිති.
ආරක්ෂිත නිවාස 137ක පවුල් 4075කට අයත් පුද්ගලයන් 12132ක් රඳවා සිටින අතර නිවාස 976ක් විනාශ වි තිබේ. පුද්ගල මරණ 08ක් සිදුවී පුද්ගලයන් 07 දෙනෙකු තුවාල ලබා ඇත.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ පුත්තලම දිස්ත්රික්කයෙන් වන අතර, එම දිස්ත්රික්කයේ පවුල් 4256කට අයත් පුද්ගලයන් 12760ක් පීඩාවට පත්ව තිබේ. එම දිස්ත්රික්කයේ පිහිටි ආරක්ෂිත නිවාස 99ක පුද්ගලයන් 6182ක් රඳවා සිටිති.