දිස්ත්‍රික්ක 19කට බලපා තිබෙන අයහපත් කාලුණ තත්ත්වය නිසා පවුල් 9817කට අයත් පුද්ගලයන් 38046ක් පීඩාවට පත්ව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පුද්ගල මරණ 08ක් වාර්තා වී තිබෙන අතර පුද්ගලයන් 07ක් තුවාල ලබා ඇත. නිවාස 927කට හානි සිදුව තිබෙන අතර ආරක්ෂිත කඳවුරු 80ක පවුල් 1625කට අයත් පුද්ගලයන් 6090ක් රඳවා තිබෙයි.