සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ තෙවසරක ඉදිරි දැක්ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සහ අමද්‍යප අභිමාන ජාතික සම්මාන ප්රදානය ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිතය.
ලබන 21 වැනි දින කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී ජනපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මාන ප්රදානෝත්සවයේදී අමද්‍යප ශ්‍රී ලංකාවක් බිහිකිරීම සඳහා තරුණ නායකයන් 3000 ක් සහ තරුණ සංවිධාන 3000 ක් දිවයින පුරා බිහිකිරීම පිළිබඳ එම සංවිධානයේ ඉදිරි දැක්ම ජනාධිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන්ට පිළිගැන්වීමට නියමිතය.
මෙදින සමරු දේශනය ආචාර්ය ප්‍රණීත් අබේසුන්දර මහතා විසින් පැවැත්වීමට නියමිත අතර, අමද්‍යප ව්‍යාපාරය වෙනුවෙන් කැපවූ විශිෂ්ටයන් උදෙසා ජාතික සම්මාන ප්රදානය හා අමද්‍යප තරුණ සංවිධානයේ භාණ්ඩාගාරික ගාණේෂන් ජයසුන්දර විසින් රචිත 'අමද්‍යප හඬ' කෘතියද එදින එළිදැක්වීමටද නියමිතය.
මෙම මාධ්‍ය සාකච්ඡාවට පූජ්‍යපාද ඉත්තෑපානේ ධම්මාලංකාර හිමි, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි, කැලණියේ සෝරත හිමි, අමද්‍යප තරුණ සංවිධානයේ සභාපති චන්දන ගුණවර්ධන, ගායන ශිල්පිනී නිරංජලා සරෝජනී, ගායන ශිල්පී මාරියෝ ආනන්ද ඇතුළු පිරිසක් සහභාගී වූහ.