විභාග පනතට අනුව මෙවර පැවැත්වෙන අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව සියලුම බාහිර ක්‍රියාකාරකම් හෙට (30දා) මධ්‍යම රාත්‍රි 12.00ට පෙර නවතා දැමිය යුතු බව විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
ඒ අනුව උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම, දේශන පැවැත්වීම, පෝස්ටර් ප්‍රදර්ශනය කිරීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය, බෙදාහැරීම හෙට මධ්‍යම රාත්‍රියේ සිට අගොස්තු 29 වැනි දින දක්වා සපුරා තහනම් බවද පවසා සිටියේය.
මෙම නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පිරිස් පිළිබඳව පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112 784208/ 0112 784537 අංකවලට සහ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංක වන 1911 වලට දැනුම් දෙන ලෙසද විභාග කොමසාරිස් ඩබ්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා සඳහන් කළේය. මීට අමතරව පොලිස් හදිසි ඇමතුම් අංක 119 ට හා 0112 421111 යන දුරකථන අංකවලටත් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවද පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ/චාමර සම්පත්