වත්මන් ආණ්ඩුව හොරැ අල්ලන විට ඒ හොරැ සනසන්නට හිටපු ජනපති මේ දිනවල යන බව සමාජ සේවා , සුබසාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවසීය. අද (20) අල්ලස් හෝ දූෂණ කොමිසමට පැමිණ පුද්ගලයන් 38 දෙනෙකු පිළිබඳ තොරතුරැ ලබා දීමෙන් පසුව හෙතෙම මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුයේ,
මේ දින කිහිපය තුළ අල්ලස් හෝ දූෂණ කොමිසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව සතුටු වෙන්නට පුළුවන්. ලංකාවේ ලේසි පහසු හොරැ නෙවෙයි ඉදලා තියෙන්නේ. ඉන්න ඉතාම ඉහළ මට්ටමින් තාක්ෂණයට අනුව හොරකම් කරපු හොරැ ඉදලා තියෙන්නෙ. ඔවුන් අල්ලන්නට ලොකු කාලයක් යයි. නමුත් ළඟදීම තෝරැ මොරැ අල්ලයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මට ලැබුණු අලුත්ම තොරතුරැ අරගෙන ආවා. ජනතාව දන්න තොරතුරැ මට ගෙනත් දෙන්න කියලා ඉල්ලා සිටිනවා. අපි හොරැ අල්ලනවා. අපි අල්ලන හොරැ බලන්න හිටපු ජනපති යනවා. ගිහිල්ලා ඒ හොරැන්ව සනසනවා. ඒ ජනාධිපතිතුමා බලයේ ඉද්දි කිව්වෙ මම ළඟ ෆයිල් තියෙනවා. ඒවා එළියට දාන්නෙ නෑ කියලනෙ “යනුවෙනි.