එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරි මැතිවරණයට බිය නොවන බවත්, බිය වන්නේ කුමන හේතුවකටද බවත් ශ්‍රී ලංකා නිදහස් පකෂ මහ ලේකම් අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම එළැඹෙන 8 වැනිදායින් පසුව මැතිවරණ නීති අනුව මැතිවරණ කටයුතු ආරම්භ කරන බවත් හෙතෙම සඳහන් කළේය.
"අපි ඡන්දෙට බය නෑ. අපි බය කාටද? මොනවටද? මොන හේතුවකටද? කටවුට් ගහන්නේ බිම් මට්ටමේ සංවිධාන ,තමන්ගේ නායකයන් වෙනුවෙන්. 8 වැනිදායින් පස්සේ මැතිවරණ නීති අනුව වැඩ කරනවා. " යැයි හෙතෙම පැවැසීය.