අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් පාසල් දරුවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සම්බන්ධීකරණය සකස් කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් දී තිබේ.
පීඩාවට පත් පාසල් ප්‍රජාවගේ තොරතුරු ලබාගැනීමට හා සහන ලබාදීමට 1988 හදිසි ඇමතුම් අංකය ක්‍රියාත්මක බවද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළපොත් සහ පාඩම් සටහන් කඩිනමින් සපයාදීමට විශේෂ අවධානය යොමු කරන ලෙසද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබේ.