ඊළඟ දැයට කිරුළ ප්‍රදර්ශනය රුහුණු විශ්වවිද්‍යාලයේදී පැවැත්වීමට ඉඩ ලබානොදෙන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු නජිත් ඉන්දික මහතා පැවසීය.
දේශපාලන ප්රතිරූප ගොඩනගාගැනීමට සරසවි භූමිය ලබානොදෙන බවත්, හැකිනම් රුහුණු විශ්වවිද්‍යාලය තුළ දැයට කිරුළ ප්‍රදර්ශනය පවත්වා පෙන්වන ලෙසත් හෙතෙම අභියෝග කළේය.
නජිත් ඉන්දික මහතා මෙම අදහස් පළකළේ සිවු අවුරුදු සමසෞඛ්‍ය උපාධිය දිනාගැනීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් දිනාගැනීමේ අරමුණින් අරලියගහ මන්දිරයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට අද (07දා) සවස පැවැති උද්ඝෝෂණයට එක්වෙමිනි.
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටින් අද දහවල් ඇරඹි විරෝධතා පා ගමන අරලියගහ මන්දිරය දක්වා පැමිණි අතර, එය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ඵෙතිහාසික අවස්ථාවක් වූ බව නජිත් ඉන්දික මහතා සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ නිල නිවස ඉදිරිපිටට පැමිණි ඔහුට අභියෝග කිරීමට තරම් ලාංකීය ශිෂ්‍ය ව්‍යාපාරය ශක්තිමත් එකක් බව පෙන්වූ බවද හෙතෙම පැවසීය.
එම උද්ඝෝෂණයේදී අදහස් දැක්වූ නජිත් ඉන්දික මහතා හැකිනම් රුහුණු විශ්විවිද්‍යාලය තුළ ජනාධිපතිවරයාගේ කටවුට් සවිකර පෙන්වන්නැයිද අභියෝග කළේය.