අධිවේගී මාර්ගයට නීත්‍යනුකූල බලපත්‍ර ලබාදීම සඳහා තුන්වන වරටත් කැඳවූ ටෙන්ඩර විවෘත කිරීම දින නියමයක් නොමැතිව කල් ගිය බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
බස්රථ 140කට බලපත්‍ර ලබාදීමට කැඳවා තිබූ ටෙන්ඩර් පත් මේ මස 31 වන දින විවෘත කිරීමට නියමිතව තිබූ බවත් එහෙත් අත්තනෝමතිකව එය දින නියමයක් නොමැතිව කල් දැමූ බවද එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මීට අමතරව පසුගිය වසරේදී බලපත්‍ර 78ක් හා 2013 වසරේදී බලපත්‍ර 70ක් ලබාදීම සඳහා ටෙන්ඩර් පත් කැඳවූ බවත්, එසේ ලැබුණු ටෙන්ඩර් පත් පවා තවමත් ඒවා විවෘත කර නොමැති බවද කියා සිටියේය.
මේ නිසා අද වනවිට අධිවේගී මාර්ගයේ ධාවනය වන කිසිදු බස් රථයකට නීත්‍යනුකූල බලපත්‍ර නොමැති බවද කියා සිටියේය.