තංගල්ල, කුඩාවැල්ල ධීවර වරායට කිට්ටු ස්ථානයක පිහිටි අධිබලැති විදුලි කණුවකට අද (07දා) උදෑසන තරුණයෙකු නැග ඇති අතර, වහාම එම ස්ථානයට පැමිණි පිරිසේ අයෙකු විදුලිබලය විසන්ධි කිරීම නිසා තරුණයාගේ දිවි ගැලවී ඇත.
අද (07දා) උදෑසන, කුලී වැඩක් කිරීම සඳහා ධීවර වරායට පැමිණි අවස්ථාවේ තම පාපැදිය නැතිවීම නිසා එය සොයාදෙන ලෙස බලකරමින් මෙසේ ඔහු විදුලි කණුවට නැත ඇත. මොහු දික්වැල්ල දඹගස්ආර ප්රදේශයේ පදිංචි 23 හැවිරිදි ඩී.ජී. දමින්ද නමැති අවිවාහක තරුණයෙකි.
අදාළ ස්ථානය ඉදිරිපිට ඇති අයිස් කම්හලක පුද්ගලයෙකු මොහු විදුලි කණුවට නගිනු මුලින්ම දැක ඇති අතර, ඔහුගේ කෑගැසීම නිසා පැමිණි පිරිසේ අයෙකු විසින් විදුලිය විසන්ධි කිරීම නිසා තරුණයාට විදුලි සැර වැදී නැත.
දික්වැල්ල නිමල් ලන්දගේ