අධිකරණයෙන් ලබාදුන් නියෝග කඩකරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ඉදිරිපිටදී ඊයේ (23දා) පැවැත්වූ උද්ඝෝෂණයට නායකත්වය දුන් සියලු දෙනාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට කැඳවීමට එරෙහිව ඔවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරත වූහ. බොදුබල සේනා සංවිධානය, රාවණා බලය ඇතුළු භික්ෂු සංවිධානය මෙම උද්ඝෝෂණයේ ප්රමුඛත්වය ගෙන තිබිණි. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, බස්නාහිර මහ ඇමති ප්රසන්න රණතුංග යන මහත්වරු ඇතුළු පිරිසක්ද මීට සහභාගී වූහ.
ගෝඨාභය රාජපක්ෂ මහතා මිහින් ලංකාහි සභාපතිව සිටි සමයේ (2007) සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් සහ රක්නා ලංකා සමාගම සහ ඇවන්ඩ්ගාඩ් සමාගම පිළිබඳව සිදුකරන පරීක්ෂණවලට ප්රකාශයක් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව සිදුකළ ඉල්ලීමකට අනුව උද්ඝෝෂණය අතරතුර ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණියේය.