දිවයිනට බලපා ඇති අයඑපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගවල සිදුවන අනතුරු ප්‍රමාණයේ වැඩිවීමක් වාර්තා වෙයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසන්නේ අද දිනයේදී දකුණු අධිවේගයේ හා කටුනායක අධිවේගයේ අනතුරු 7ක් සිදුව ඇති බවයි.
මෙහිදී ගැලණිගම හා දොඩංගොඩ පිවිසුම් අතරදී ජීප් රියක් පෙරළී යෑමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් සිවුදෙනෙක් තුවාල ලබා ඇති බවත් එයින් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. තුවාලකරුවන් නාගොඩ රෝහළට ඇතුළත් කර ඇත.
මීට අමතරව දක්ෂිණ අධිවේගයේ තවත් අනතුරු 4ක් හා කටුනායක අධිවේගයේ තවත් අනතුරු දෙකක් වාර්තා වී ඇති බවද ඔහු පවසයි. මේ හේතුවෙන් අධිවේගී මාර්ග වල වාහන ධාවනය කිරීමේදී වැඩි අවධානයකින් හා අවම වේගයකින් වාහන ධානය කරන ලෙසත් ඔහු වැඩිදුරටත් පවසයි.