පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන්ගේ විශේෂ රැස්වීමක් අද(28දා) පෙරවරු 9.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
ඉදිරි පාර්ලිමේන්තු සැසිවාරයේදී සිදුකරන කටයුතු සහ න්‍යාය පත්‍රය සකස් කරගැනීම සම්බන්ධව මෙහිදී අවධානය යොමුවනු ඇති බව වාර්තා වේ.
අප්‍රේල් හතරවැනිදා පැවැත්වෙන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වාර්තා වේ.
විශ්වාසභංගය පිළිබඳ විවාදය පවත්වන ආකාරය හා ආණ්ඩු පක්ෂයට හා විපක්ෂයට කාලය වෙන් කිරීම ආදිය මෙහිදී තීරණය කෙරෙනු ඇතැයිද දැනගන්නට ලැබේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේ ඉදිරි පාර්ලිමේන්තු සතියේ වැඩපිළිවෙළ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරු 9.00ට පැමිණෙන්නැයි කථානායක කරු ජයසූරිය මහතා විසින් දැනුම් දුන් බවයි.
ඉකුත් දින කිහිපයේ කථානායකවරයා විදේශගතව සිටි බවත්,අද පැවැත්වෙන රැස්වීමට ඔහුගේ සහභාගිත්වය අපේක්ෂා කරන බවත්මන්ත්රීවරයා පවසා සිටියේය.