90 දශකයේ ජාතිකවාදී සටන් පාඨය අප පවසන විට අපට වර්ගවාදීන්, අප කාලකන්නි යුදවාදීන් ආදී වශයෙන් අවලාද නැගූවද, මේ වනවිට ජාත්‍යන්තරවද සිය මතය ජය අරගෙන ඇති බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය.
අමාත්‍යවරයා මෙසේ අදහස් දක්වා සිටියේ සබඳ අපි කඳු නොවෙමු සාහිත්‍ය උත්සවයට සහභාගී වෙමිනි. මෙම සාහිත්‍ය උත්සවය කොළඹ 07, ධර්මවිජය පදනමේදී පසුගියදා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එහිදී, වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"පසුගියදා බි්රතාන්යයේ ජනමත විචාරණයක් තිබ්බා. බි්රතාන්යයේ හිටපු අගමැතිතුමා පමණක් නෙමෙයි විපක්ෂයේ නායකතුමත්, ලේබර් පක්ෂයෙ නායකයත් සහයෝගය දුන්නේ බි්රතාන්යය තවදුරටත් යුරෝපා සංගමයේ සිටිය යුතුයි කියන ඒ මූල ධර්මයට. නමුත් බි්රතාන්ය තුළ ජයගත්තෙ බි්රතාන්ය යුරෝපයෙන් වෙන් වී ස්වාධීන රටක් විය යුතුයි, නිදහස් වෙළඳාමට තිත තැබිය යුතුයි, ගෝලීයකරණය අපට එපා, නැවතත් ශ්‍රේෂ්ඨ බි්රතාන්යයක් බිහිකරගත යුතුයි කියන මතය තමයි ජය ගත්තේ.
ඒ වගේම ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන මාධ්‍ය 98% ක්ම සහයෝගය දුන්නේ හිලරි ක්ලින්ටන්ට. සමස්ත ව්‍යාපාරික ප්‍රජාවම සහය දුන්නේ ඇයට. උගත්තු බුද්ධිමත්තු කියන හැමකෙනාම සහය දුන්නේ හිලරි ක්ලින්ටන්ට. ඇයගේ දැන්වීම් 4.5 ක් වැටෙන කොට තමයි ට්‍රම්ප්ගේ එක දැන්වීමක් ඇමරිකාවේ පළවූනේ. හැමෝම හිතුවේ හිලරි දිනලා කියලා. අපිත් බැලූවේ සීඑන්එන් එක අපට කියනවා හිලරි ඉස්සරහින් කියලා. බීබීසී එක අපට කියනවා හිලරි ඉස්සරහින් කියලා. ඉතින් අපිත් හිතුවා මේ හිලරි තමයි ඉස්සරහින් ඉන්නේ කියලා. නමුත් ඇත්ත කතාව හිලරි ක්ලින්ටන් ඡුන්දයෙන් පැරදුනා. එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය ජාතිවාදියෙක් කියන පුද්ගලයෙක් අතට පත් වුණා.
ප්‍රංශයේ ජනාධිපතිවරණය ලබන වසරේ පැවැත්වෙනවා. ප්‍රංශයේ අගමැතිතුමා ඊයේ ප්‍රකාශ කළා. මගේ පය නැවතත් ප්‍රංශයේ අන්ත ජාතිවාදීන් ඒ වගේම ගෝලීයකරණයට එරෙහි යුරෝපා සංගමයේ ප්‍රංශය ගලවා ගන්න. ජාතිකවාදී පක්ෂයේ නායිකා මැරිල් උපයෙන්ටර් මේ ප්‍රංශය යටත් වෙන්න නියමිතයි කියන එක අගමැතිටම කිව්වා. ඇත්තටම මැරිල් උපයෙන්ටර් මැතිණිය මැතිවරණය ජයගනිද නැද්ද කියන්න බැහැ. නමුත් ප්‍රංශ ජනාධිපතිවරණයෙන් ස්ථිරවම, ඒ ජාතිකවාදී රළවේගය ජයගන්නවා. ආරක්ෂණවාදයට යනවා. ගෝලීයකරණය අවසන්.
ඉතින් මේ කාරණයත් එක්ක මේකේ රළවේගය ඊළඟට යන තැන ජර්මනිය. ජර්මනියට පසුගියදා අපි ගියා. අපි ගියාහම තමයි දැනගත්තේ මම ඒ.එෆ්.සී පක්ෂය කියලා එකක් තියෙනවා කියලා. ඕල්ටර්නේටිව් පෝල්ට් අයිස්ලන්ඞ් කියලා. ඒකේ නායිකාවත් කාන්තාවක්. ඇත්තමට මේ යුරෝපයේ හැමතැනම මේ ජාතිකවාදී පක්ෂවල නායකයෝ සේරම නායිකාවෝ ඉන්නේ, කාන්තාවෝ, ඇය පේඩරේ. මම ඇයගේ කතාවක් ඇහුවා රූපවාහිනියේ. විශාල ස්ටුගාර්ඩ් නගරයේ ඔවුන්ගේ පක්ෂ සම්මේලනයේ. ඇය මොනවද කිව්වේ, ඇයගේ මුළු කතාවෙම තිබුණේ මේ හලාල් නවත්වන්න ඕනේ ජර්මනියේ. පිටින් එන සංක්‍රමනිකයෝ නවත්වන්න ඕනේ. පස් පාරක් පල්ලියේ ආගම කියන එක නවත්වන්න ඕනේ. මූණ වහන එක නවත්වන්න ඕනේ මුස්ලිම් කාන්තාවන්ගේ. මේක ජර්මන් රට. මේ ජර්මනියේ පිට අයට ඉන්න බැහැ. ඔය වගේ කාරණා ටිකක් තමයි කිව්වේ. ඔය ටික ලංකාවේ කිව්වනම් එහෙම, ජාතිවාදයෙක්, ආගම්වාදියෙක් කියලා ජර්මන් කාර්යාලෙත් අනිවාර්යයෙන්ම නිවේදනයක් නිකුත් කරනවා. නමුත් ඒ රළ වේගය දැන් කිසිසේත්ම ජර්මනියෙත් පාලනය කරන්න බැහැ. කවුරු ජර්මනියේ ජනාධිපති උනත් මේ රළවේගයට මුහුණ දෙන්න වෙනවා.
ඒ වගේම ජපානය, ජපානයේ පැරණි නිගමනයක් තිබුණා ජපානයට හමුදා හදන්න බැහැ කියලා නමුත් නව අගමැතිතුමා නැවත ජපානය සන්නද්ධ විය යුතුයි කියන මතයෙන්, නැවත ජපානය ශක්තිමත් විය යුතුයි කියන මතයේ ඉන්න කෙනෙක්. අපේ අල්ලපු රටේ අගමැති මෝඩි, එතුමත් එවැනි මතවල ඉන්න කෙනෙක්. ඉතින් ඒ නිසා අනුක්රමයෙන් අපි කැමති උනත් අකමැති උනත්, ලෝකය ව්ලැඩිමීර් පුටින්ගෙන් පටන් අරගෙන ට්‍රම්ප් දක්වා ගිහිල්ලා, එතනින් ජර්මනිය, පැරීසිය හරහා ගිහිල්ලා අනිවාර්යයෙන්ම මේ ආසියාවත් කළඹගෙන යන නව ජාතිකවාදී සුළඟක් ඇරඹිලා තියෙනවා. ඒකේ සමහර අන්තවාදීන් අපි පිළිකුල් කල යුතු පැති, පාර්ශ්වයනුත් තියෙනවා. ඒ වගේම, ජන කණ්ඩායමක් තමන්ගේ සංස්කෘතිය, තමන්ගේ අනන්‍යතාවය පෙන්වන්න උත්සාහ කරනවා නම් අනුන් යට කරන්නේ නැතිව එය අගය කළයුතු පැත්තකුත් තියෙනවා. කවුරු කොහොම කිව්වත් දැන් අපට බොහොම ආඩම්බරයෙන් කියන්න තියෙන්නේ, 90 දශකයේ අපි මේ ජාතිකවාදී සටන් පාඨය කියන කොට අපට වර්ගවාදීන්, අපි කාලකන්නි යුධවාදීන් ආදි වශයෙන් අපට අවලාද නැගූ අයට අපට කියන්න තියෙන්නේ, දැන් අපේ මතය ජාත්‍යන්තරවත් ජය අරගෙන අවසන් කියන එකයි." යැයි පවසා සිටියේය.