අතුරුදන්ව සිටි රාජගිරිය හේවාවිතාරණ විදුහල්පති නාගසිංහ චිත්රපාල මහතා දින 7 කට පසු පොළොන්නරුවේ සිට ඉරිදා(23දා) රාත්රියේ සිය නිවසට පැමිණ ඇති බව පොලිසිය පවසයි.
නිවසට පැමිණ පොලිසිය හමුවට ගිය විදුහල්පතිතුමා පවසා ඇත්තේ තමාට සිදුවූ කිසිවක් මතක නැති බවය.ඉන්පසු ඔහු රෝහල් ගත වී ඇති බව වැඩි දුරටත් වාර්තා වේ.