දෙහිවල සත්ත්වෝද්‍යානය තුළ පසුගිය මාසයේ උපත ලැබූ අති දුර්ලභ ගණයේ කැළෑ අශ්වයෙකු මියගොස් ඇතැයි වාර්තා වේ.
වැස්සට තෙමී නියුමෝනියාව වැලඳීම නිසා මෙම සත්ත්වයා මියගිය බව වාර්තා වුවද, සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවේ මරණ පරීක්ෂණයක් සිදු නොකර ඒ පිළිබඳව කිසිවක් පැවසිය නොහැකි බවයි.