ඊයේ සිට ආරම්භ කර තිබෙන පරිපූරක වෛද්‍ය සේවා ශ්‍රේණි 05ක වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදැක්වීම නිසා දකුණු, වයඹ, මධ්‍යම, සබරගමුව හා උතුරු මැද පළාත් රෝහල් තුළ මානුෂික හේතූන් මත පවත්වාගෙන ගිය අත්‍යාවශ්‍ය සේවා කටයුතුත් අද දහවල් 12.00ට නවතා දැමූ බව පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති බලමණ්ඩලය සඳහන් කරයි.
මීට අමතරව අද සවස 4.00 වනවිට නිසි විසඳුමක් නොලැබුණහොත් අනෙකුත් සියලුම රෝහල් තුළ දැනට පවත්වාගෙන යන අත්‍යවශ්‍ය සේවා කටයුතුත් නතර කර දමන බවද ඔවුන් පවසා සිටියේය.