ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහා බ්‍රිතාන්‍යයේ අත්දැකීම් සහ විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා මහා බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරතවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යාංශය පැවසීය.
ඒ මහතා අද(28දා) සිට ලබන 30වැනිදා දක්වාමෙලෙස සංචාරයේ නිරතවන්නේ ප්රජාතන්ත්රවාදය සඳහාවන වෙස්ට්මිනිස්ටර් පදනමේ ආරාධනය පරිදිය.
ප්රජාතන්ත්රවාදය සඳහා වෙස්ට්මිනිස්ටර් පදනම මගින් සංවිධානය කරනු ලබන අධ්‍යයන වැඩසටහන් කිහිපයකටම අමාත්‍යවරයා සහභාගි වීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන්කළේය.