හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා කොළඹ උතුර කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා ජාත්‍යන්තර පොලිස් මූලස්ථානය මගින් පවත්වන වර්ග ඝාතන, යුද අපරාධ හා මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ පාඨමාලා හැදෑරීම සඳහා ඊයේ (31දා) ප්‍රංශය බලා පිටත්ව ගියේය.
හෙට (01දා) සිට දින 05ක කාලයක් මෙම පාඨමාලාව ප්‍රංශයේ ලියොන් නුවර අන්තර්ජාතික පොලිස් මූලස්ථානයේදී පැවැත්වේ. මේ සඳහා රටවල් 190කින් අයදුම්පත් කැඳවා තිබුණද, ඉන් තෝරාගෙන තිබෙන්නේ රටවල් 30ක පොලිස් නිලධාරීන් පමණි. ඉන් එක් අවස්ථාවක් ශ්‍රී ලංකාවට හිමි වූ අතර, ඒ සඳහා හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා තෝරාගෙන තිබේ.