අග්නිදිග විශ්වවිද්‍යාලයේ ප්‍රශ්නවලට පිළියම් ලබාදීම සඳහා ගතහැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, දී ඇති පහසුකම් ස්ථිර කර ගැනීමට දේශන සඳහා සහභාගී වී සිසු දරුවන්ද සහයෝගය ලබාදීම අපේක්ෂා කරන බවත් උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ග්‍රේරු මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අග්නිදිග විශ්වවිද්‍යාලයේ අර්බුදය පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
අලුත් දේ කරන්නට සියලු දේ ඇති තැනක් අවශ්‍ය නොවන බවත්, ඒ සඳහා වඩාත් සුදුසු පහසුකම් නොමැති තැන් බවත් පැවසූ අමාත්‍යවරයා, තම ඉංජිනේරු දැනුමෙන් එම ප්‍රදේශය දියුණු කරන මෙන්ද ඉල්ලා සිටියේය.