හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් මහතා මහබැංකුවේ අභ්‍යන්තර තොරතුරු පර්පචුවෙල් සමාගමට ලබාදී ඇති බවට මහබැංකු බැඳුම්කර කොමිසම පැහැදිලිව සදහන් කර තිබෙන බවත්, අග්‍රාමාත්‍යවරයා මහේන්ද්‍රන් මහතාව ආරක්ෂා කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායන මහතා පැවසීය.
කොමිෂන් සභා විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
“හිටපු මහබැංකු අධිපති මහේන්ද්‍රන් මහතා පර්පචුවෙල් සමාගමට අභ්‍යන්තර තොරතුරු ලබාදී තිබෙන බව කොමිෂන් වාර්තාවේ පැහැදිලිව කියා තිබෙනවා. අග්‍රාමාත්‍යවරයා මහේන්ද්‍රන් මහතා ආරක්ෂා කළත් කොමිසමෙන් ඒ සියලු කටයුතු අනාවරණය කර තිබෙනවා.
මෙම වංචාව සොයා බලන්න, පැහැදිලි කිරීමට අගමැතිවරයා පිටිපන කමිටුව නම් කර තිබුණා. නමුත් කොමිසම පැහැදිලිව සදහන් කර තිබෙනවා මෙම කමිටුවට ඒ ගැන පරීක්ෂා කර බලන්න කසිදු පරිචයක් නොමැති බව.
දූෂණ, වංචාවලට එරෙහිව ක්‍රියාකරන බවට ජනවාරි 08 වැනිදා පොරොන්දු වූ අගමැතිවරයා ඒ පොරොන්දු කඩකර තිබෙනවා.
අපරාධකරුවන්ට, වංචා දූෂකයන්ට දඬුවම් දෙන්නේ නැතිනම් මේ අවනඩුව අවසානයේ තිබෙන්නේ මහජනයා ඉදිරියේ. මහජනයා මේ සම්බන්ධයෙන් පියවරක් ගත්තේ නැතිනම් ඒ මහජනයා ගැනත් පියවරක් ගත යුතුයි කියලා අපි හිතනවා” යැයි පවසා සිටියේය.