තෛපොංගල් දිනය නිමිත්තෙන් මුද්දරයක් නිකුත් කිරීම සඳහා යාපනය නල්ලූර් කෝවිලේ පැවැත්වෙන උත්සවයකට සහභාගී වීමට ගිය අග්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාට එම ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ලවූ විරෝධතාවයක් නිසා ඔහු ගමන්ගත් ගුවන්යානය ගොඩ බෑමේදී ප්‍රමාදයක් සිදුව තිබේ.
පොලිස් ආරංචි මාර්ග ප්‍රකාශ කළේ පවතින තත්ත්වය තුළ යාපනය පුස්තකාලයද අද සවස 4.00 දක්වා වසාදමා ඇති බවයි.යාපනය ප්‍රදේශයේ ජනතාවගෙන් එල්ල වූ විරෝධතාවය නිසා ප්‍රමාද වී පැමිණි අගමැතිවරයා පසුව එම උත්සවය අමතනලදී. තැපැල් අමාත්‍ය ජීවන් කුමාරතුංග මහතාද මෙම උත්සවයට සහභාගිවීමට නියමිතව සිටියද, උත්සවයට එක්වී නැති බව කෝපායි පොලිස් ප්‍රකාශකයෙකු පැවසීය.