අග්‍රාමාත්‍යවරයා විසින් ජාතික හෙළ උරුමයේ නායක පූජ්‍ය ඕමල්පේ හිමියන් ඇතුළු සංඝයාවහන්සේලාට 'චීවරධාරීන්' යැයි කළ ප්‍රකාශයට එරෙහිව බළපිටිය විහාරාධිපති හිමිවරුන්ගේ සංගමය සංවිධානය කළ විරෝධතාවක් බළපිටිය ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලය ඉදිරිපිටදී පැවැත්වුණි.
මෙහිදී පැය දෙකක පමණ වේලාවක් එම පිරිස උද්ඝෝෂණයේ නිරත වූ අතර, අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර ගන්නා ලෙසත් ඉක්මනින්ම සංඝයා වහන්සේගෙන් සමාව ගැනීමට කටයුතු කළ යුතු බවත් එම පිරිස ඉල්ලා සිටියහ.