අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට අත්සන් කළ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ට නොයෙක් වරදාන, වරප්රසාද ලබාදී ඔවුන්ගේ දිවුරුම් ප්රකාශ ලබාගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුවේ ඇමතිධුර ලබාදිය හැකි බවටත්, ඊළඟ මැතිවරණයේදී අපේක්ෂකත්වය ලබාදිය හැකි බවත්, කියමින් ආණ්ඩුවේ ප්රබල චරිත කිහිපයක් විසින් මෙම මන්ත්රීවරුන්ට අත්සන් ඉවත් කරන්නැයි බලපෑම් කර තිබෙන බවද වීරවංශ මහතා කියා සිටියේය.
පුත්තලම දිස්ත්රික්කයේ මන්ත්රීවරයෙකු ඒ ආකාරයට කතා කළ බවට තමන්ට දැනගන්නට ලැබුණු බවද ඔහු ප්රකාශ කළේය.