ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු කැබිනට් අමාත්‍යධුරයේ වැඩ බැලීමට රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පත් කර තිබෙන බව අමාත්‍යාංශය කියයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු කැබිනට් අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ ගතවීම හේතුවෙන් එම අමාත්‍යධුරයේ වැඩ බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා ජනාධිපතිවරයා විසින් පත්කොට තිබේ.