ස්වයංක්‍රිය මුදල් ලබාගැනීමේ ටේලර් යන්ත්‍ර හරහා මුදල් ලබාගත් විදේශී ජාතිකයක් දෙදෙනෙකු වැල්ලවත්තේ අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්කරනු ලැබූ විමර්ශනයකින් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
පෝලන්ත ජාතිකයෙකු හා තුර්කි ජාතිකයෙකු මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන අතර ඔවුන් සන්තයේ තබී ව්‍යාජ විද්‍යුත් කාඩ්පත් 50ක්ද සොයාගෙන තිබේ.
ඊට අමතරව ජංගම දුරකතන දෙකක්, රුපියල් 1000 නෝට්ටු 15, රුපියල් 5000 නෝට්ටු 02ක්, රුපියල් 500 නෝට්ටු 34, රුපියල් 100 නෝට්ටු 46, යුරෝ 50 නෝට්ටු 02, යුරෝ 20 නෝට්ටු 01, යුරෝ 5 දනෝට්ටු 01ක්, ඇමෙරිකානු ඩොලර් 13ක් ද සොයාගෙන තිබේ.
සැකකරුවන් ගල්කිස්ස මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 12 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.