ඇල්ජීරියාවට අයත් එයාර් ඇල්ජෙරි ගුවන් සේවයේ AH5017 යානය පුද්ගලයන් 116ක් සමග අනතුරට පත්වීමේ ඛේදවාචකය ඇසීමෙන් ශ්‍රී ලංකාව දැඩි කම්පනයටත්, බලවත් ශෝකයටත් පත් වූ බව අනතුර සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකා රජය හා වැසියන් එක්ව, හදවතින්ම නැගෙන ශෝකය මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් සියලු දෙනාගේ ඥාතීන් වෙනුවෙන් පළ කරන බවත්, මෙම අභාග්‍ය සම්පන්න සිදුවීමට මුහුණදුන් ජනතාව වෙසෙන රටවල් සමග ශ්‍රී ලංකාව එක්සත්ව නැගී සිටින බවත් එම ප්‍රකාශයේ දැක්වෙයි.
මේ මොහොතේ වූ බලවත් සන්තාපයත් හදවතේ නැගෙන වේදනාවත් සමග අනතුරින් ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන් සමග ශ්‍රී ලාංකිකයන්ද යාච්ඤා කරන බවත්, ඇදහිය නොහැකි මේ විපතින් නැගී සිටීමට ඔවුන් වෙත ධෛර්යය ප්‍රාර්ථනා කරන බවත් එහි වැඩිදුරටත් දැක්වෙයි.