කොවිඩ්-19 හෙවත් නව කොරෝන වෛරසයේ මූලාරම්භය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කිරීම සඳහා ජාත්‍යන්තර විශේෂඥ කණ්ඩායමක් චීනයේ වුහාන් වෙත යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් නිවේදනය කරයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල්වරයා මෙම අදහස් පළ කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සෙවීමේදී ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට පක්ෂග්රාහීව කටයුතු කරන බවට ඇමෙරිකාව මුල සිටම චෝදනා කළ අතර, සංවිධානයේ සිය අරමුදල් ඉවත් කරගැනීමටද කටයුතු කළේය.
කෙසේ වෙතත් එක්සත් ජනපදයෙන් සහ ජනපති ට්‍රම්ගෙන් එල්ල වූ චෝදනාවන් හමුවේ පවා ලෝක සෞඛ්‍ය සංවිධානය තම කාර්යභාරය ඉටුකරමින් වසංගතය පිටුදැකීමේ මෙහෙවර සිදුකරමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.