නව කොරෝනා වෛරස එන්නතක් සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය තල්ලුවට එක් නොවන බව එක්සත් ජනපදය පවසා තිබේ.
රටවල් 150කට වැඩි සංඛ්‍යාවක් COVAX නමින් හැඳින්වෙන COVID-19 එන්නත් ගෝලීය ප්‍රවේශ පහසුකම ස්ථාපිත කර තිබේ. නමුත් එක්සත් ජනපදය පවසන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය වැනි බහුපාර්ශ්වික සංවිධානක සීමා කිරීමට තමන් අකමැති නිසා එයට සම්බන්ධ නොවන බවයි.
කෙසේ වෙතත් එක්සත් ජනපදය පසුගිය ජූලි මස මුලදී ලෝක සෞඛ්‍ය සංවිධානයට සපයන අරමුදල් කපා හරිමින්, ඉන් ඉවත්වන බව නිවේදනය කළේ එම සංවිධානය චීනයට පක්ෂපාතීව කටයුතු කරන බවට ට්‍රම්ප්ගෙන් එල්ල වූ චෝදනා සමගිනි.
"මේ වෛරසය පරාජය කිරීම සහතික කිරීම සඳහා එක්සත් ජනපදය අඛණ්ඩව අපගේ ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සම්බන්ධ වෙනවා. නමුත් දූෂිත ලෝක සෞඛ්‍ය සංවිධානය සහ චීනයේ බලපෑමට ලක්වූ බහුපාර්ශ්වික සංවිධානවලට අපව කොටු කරන්නට අවස්ථාව නොලැබේවි" යැයි ධවල මන්දිර ප්‍රකාශක ජඩ් ඩියර් පැවසීය.