UPFA මන්ත්‍රී කණ්ඩායම හා ජනපති අතර හමුවක්
අධිකරණ තීන්දුවෙන් පසුව ගතයුතු අවසන් ක්‍රියාමාර්ගය සම්බන්ධ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රි කණ්ඩායම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ අද (10)දහවල් 12.00ට සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග අද පෙරවරු 8.00ට සාකච්ඡාවක් පැවැත්වූ බවත්,එහි තීරණ දැනුම් දී අවසන් විසඳුම කුමක්දැයි සාකච්ඡා කරන බවත් මන්ත්‍රිවරයා සඳහන් කළේය.
අධිකරණය මගින් මහමැතිවරණයක් පවැත්වීම වළක්වාලමින් තීන්දුවක් ලබාදුනහොත් මහමැතිවරණයක් අවශ්‍යද නැද්ද යන්න ජනතාවගෙවන් විමසීමට ජනමත විචාරණක් පැවැත්වීම අවසන් විසඳුම වනු ඇතැයි හෙතෙම පවසා සිටියේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදචහස් පළවිය.

popular news
-
Lion Monday, 10 December 2018 12:30 PM
නඩු පිට නඩු thiyena පොරවල් එක්ක Mona sakachchada ඔහෙත් හොඳටම කිච වෙච්ච ගොන් පොරක් nay
Reply : 0 21
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
