UNPය ගෙදර ගියේ ජනතාවට බිලියන ගණන් ණය ඉතුරු කරලා - දිනේෂ්
එක්සත් ජාතික පක්ෂ රජය ජනතාවට බිලියන ගණන් ණය ඉතුරු කර ඇති බවත්, ඒ සියල්ල විසඳා ගනිමින් ජනතා බලාපොරොත්තු ඉටු කිරිමට වත්මන් රජය කැපවි සිටින බවත්, විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, කම්කරු හා රැකී රක්ෂා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ ඊයේ (5) දින පින්නවල ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අවුරුදු හතර හමාරට වැඩි කාලයක් මේ රට අගාධයෙන් අගාධයට පත්වුණා. විදේශිය බලවේගවල අණසකට යටත් වෙවි, ජාතියේ කනගාටුදායක කාලයක්. රටේ ගොවිතැන අරාජික වුණු කාලයකට එක්සත් ජාතික පක්ෂ රජය සමය පත්වුණා. රටට යළිත් ප්‍රාණය දිය හැකි පාලන තන්ත්රයක් බිහි කිරීමට ජනතාව සමග ගිය ඉදිරි ගමන සාර්ථක විම හරහා රටේ අනාගතය පිළිබඳ දැවැන්ත විශ්වාසයක් ජනිත කර තිබෙනවා.
මේ ප්‍රදේශ දියුණු වුණේ මැණික් කර්මාන්තය හරහා. පසුගිය සමයේ මැණික් කර්මාන්තය වැටිලා ජාත්‍යන්තර වෙළඳපොළ අහිමි වෙලා තිබුණු කාල සීමාවක් වෙනස් කරන්න ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්රමුඛ රජයට පුළුවන්කම ඇති වෙනවා. අපේ බඩු ගන්න අය එන්න ඕනි. එහෙම එන්න විශ්වාසයක් ඇති වෙන්න ඕනි. මේ රටේ ජනතාවගේ පළමු ජයග්‍රහණය තමයි විශ්වාසය ඇති රටක් ඇති කිරීම. ඒ විශ්වාසය මත තමයි රටේ ආර්ථික සංවර්ධනයට, රටේ තිබෙන නිෂ්පාදනය වැඩි කරගැනීමට, හොඳ මිලක් ලබාගන්න අවස්ථාව ලැබෙන්නේ. ඒ වෙනුවෙන් ජනාධිපතිතුමා බදු සහන රාශියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මහජනතාව ගෙවන බදු රාශියක් අඩු කර තිබෙනවා. අනිත් පසින් නිෂ්පාදකයින් ගෙවන බදු රාශියක් අඩු කර තිබෙනවා. එමඟින් නව නිෂ්පාදන බිහි කිරීමට අවස්ථාව හිමිවිමත් භාණ්ඩවල මිල අඩුවිමත් සිදුවෙනවා. මේ වාතාවරණය තුළ තමයි ජනතාවගේ අපේක්ෂා, බලාපොරොත්තු රටක් වශයෙන් ගමක් වශයෙන් බලාපොරොත්තු වන දේවල් ආර්ථිකය යළි පණගැන්වීම හරහා සෑම ක්ෂේත්රයකටම ලබාගැනීමට හැකියාව ලැබෙන්නේ.
මේ දේවල් සාර්ථකව ළගා කරගැනීමට ශක්තිමත් පාර්ලිමේන්තු සහයෝගයක් ජනාධිපතිතුමා ප්රමුඛ රජයට අවශ්‍ය වෙනවා. දැනට භාවිතා කරන අයවැය ලේඛනයට තිබෙන්නේ මාස 4ක වගේ කාලයක්. ගිය ආණ්ඩුවෙන් මාස 4ට පමණයි මුදල් වෙන් කරලා තියෙන්නේ රට ගෙනියන්න. ඒ මාස 4ට පෙර ඡන්දය තියලා අලුත් පාර්ලිමේන්තුවකින් අයවැය ලේඛනයක් ඉදිරිපත් කරලා ඒ හරහා රටේ සංවර්ධන කටයුතු සිදුකරන්න බලාපොරොත්තු වෙනවා.
ඒ අතරට විශ්ව විද්‍යාලවලට ප්රවිශ්ඨ විය හැකි සංඛ්‍යාව විශාල ලෙස වැඩිකිරීම, කාර්මික විද්‍යාල කරා ගමන් කළ හැකි සංඛ්‍යාව වැඩිකිරීමට පියවර ගත්තා. ඒ ඔබේ අපේ දරුවෝ. පාසල් ගමන හමාර කරන දරුවන්ට වෙනත් ක්‍රම මගින් ඒ පුහුණු අවස්ථාවන් ලබාදීමට කටයුතු කරනවා. ඒ පුහුණුව හා විභාග හරහා රට තුළත්, විදේශිය රටවල්වලත් තිබෙන රැකියා අවස්ථා විවර කරගැනිමට වැඩපිළිවෙල මේ වන විට සූදානම් කරමින් තිබෙනවා. අනික් පසින් රටේ ආර්ථිකයේ දියුණුවට රබර් කර්මාන්තයේ දියුණුවට, තේ මිල, ගම්වල භෝග වගාවන්වල මිල, ඒ තුළින් අලුත් ආදායම් මාර්ග ඇතිකර ගැනීමට කටයුතු කරන අවස්ථාව ආරම්භ වෙලා තිබෙනවා .
බිලියන ගණන් ණය තියලා තමයි යුඑන්පි ය ගෙදර ගියේ. බැංකුවලට ගෙවපු නැති බිලියන් ගණන් මුදල් ගෙවන්න නම් විදුලි බිල වැඩි කරන්න ඇතැම් ආයතන උපදෙස් දෙනවා. විදුලි බිල එසේ වැඩි නොකරන්නටත්, දෙන ලද පහසුකම් හා සේවා එසේ ආරක්ෂා කරමින් භාණ්ඩාගාරය බදු බර අතට ගැනිමේ මූල්‍ය ප්‍රතිපත්තිය රජය අනුගමනය කරමින් සිටිනවා.
යුඑන්පිය බලාපොරොත්තු වුණේ මේ ආයතන සියල්ල රජයට විකුණන්න. නමුත් එවැනි දේ කරන්න නෙවෙයි ජාතිමාමක ප්‍රගතිශිලි ජනතාව මේ වරම දුන්නේ. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න මේ රජය කැප වෙනවා” යනුවෙන් සඳහන් කළේය.

-
Kumar Monday, 06 January 2020 10:25 PM
2015 දී ඔයගොල්ලන් ගෙදර ගිය අවස්ත්වේදීත් UNP ය කිව්වෙත් ඔහොම තමා. සෑම රටකම රජයේ කටයුතු වලට නය ගන්න එක අමුතු දෙයක් නොවෙ. ඔයගොල්ලන්ගේ කුලුනට වියදම් කල මුදල අපතේ ගියා කියන්න පුළුවනි. " ගංගාවේ ඕළු ඇත්තෙ ඒවායේ කෑම නැත්තෙ" කියන එක බොරුවක්ද?
Reply : 0 0
Don Tuesday, 07 January 2020 08:20 AM
ඔයාලත් නොගෙවා ගියේ එයාලත් නොගෙවා ගියේ පෙරලිකරලා ගත්තේ ගෙවන්නනේ ඉතින් දැන් ගෙවලා දාන්නකෝ නැත්නම් ආයෙත් නොගෙවා ඉන්න.
Reply : 0 0
Hemantha Tuesday, 07 January 2020 09:01 AM
ඔය කතාවම UNP 2015 ආණ්ඩුව බාරගන්නකොටත් කිවුව.
Reply : 0 0
sirimal Tuesday, 07 January 2020 12:25 PM
යහ පාලනය පමණක් නොව රාජපක්ෂ රෙජීමය බලයෙන් පහව ගියේ රට නය අගාදයක ගිල්ව.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

