UNF රජයක් පිහිටුවීමට TNA සහාය
එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කරතිබේ. එම තීරණය විපක්ෂනායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, මාවෙයි සේනාධිරාජා, එස්, ශ්‍රීධරන්, සෙල්වනම් අඩික්කලනාදන් ඇතුළමන්ත්රීවරුන් 14 දෙනෙකුගේ අත්සන් සහිතව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත අද (29දා) ලිපියක් මගින් දැනුම් දුන්නේය.
ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා තම පක්ෂය සහාය දක්වන බවත් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති එක්සත් ජාතික පෙරමුණේ අයෙක් ජනපතිගේ අභිමතය අනුව අගමැති ලෙස පත්කරන ලෙසද එම ලිපියේ දැක්වෙයි.
ඔක්තෝබර් 26 වැනිදා අගමැති ලෙස පත්කළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට (මහින්ද රාජපක්ෂ මහතාට) පාර්ලිමේන්තුවේ බහුතරයක් ලබාගත හැකි බවට මාසයක් ගතවී ඇතත් ඔප්පු කර පෙන්වීමට නොහැකිවී ඇති බවත් එම ලිපියේ දැක්වෙයි.
එසේම අග්‍රාමාත්‍යවරයාට එරෙහිව නොවැම්බර් 14 දා හා 16 දා විශ්වාසභංග යෝජනාවක් සම්මත වී තිබෙන බවත් ඒ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 122කගේ අත්සන් ලේඛණයක්ද ජනපතිවරයාට හා කථානායකවරයාට යොමුකළ බවත් ඔවුන් පෙන්වා දෙයි.
විශ්වාසභංගය සම්මතවී ඇති හෙයින් මේ වන විට අගමැතිවරයෙක්, කැබිනට් අමාත්‍යවරුන් හා නීත්‍යානුකූල රජයක් නොමැති බවත් ඒ අනුව මෙම තත්වය තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑම නොගැලපෙන බවත් එම ලිපියේ දැක්වෙයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අගමැතිවරයෙක් ලෙස පත්වීමේදී ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය අවශ්‍ය බවත් ද්‍රවිඩ ජාතික සන්ධානය සිය ලිපියෙන් පෙන්වා දෙයි.


popular news
-
Saththaya Thursday, 29 November 2018 04:39 PM
ඒක කොහොමද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

