චීනයට අයත් TikTok හා WeChat යන ජංගම දුරකථන යෙදුම් සමග පසුගිය සැප්තැම්බර් මාසයේදී නිකුත් කළ එවැනි ඇප් වැඩසටහන් තහනම් කළ ලැයිස්තුවක් නිශ්ප්රභ කළ බව එක්සත් ජනපදයේ වාණිජ දෙපාර්තමේන්තුව පවසයි.
බයිට් ඩෑන්ස් හි TikTok සහ ටෙන්සෙන්ට්ගේ WeChat හි නව ඩවුන්ලෝඩ් කිරීම් තහනම් කිරීමට උත්සාහ කළ මෙම තහනම එවකට එක්සත් ජනපද ජනාධිපති ට්රම්ප් යුගයේදී පණවනු ලැබිණි.
කෙසේ වෙතත් ට්රම්ප්ගේ විධායක නියෝග මාලාවක් වත්මන් ජනාධිපති ජෝ බයිඩන් විසින් මේ මස මුලදී ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව සහ එම ජංගම දුරකථන යෙදුම් සහ වෙනත් අය විසින් ඉදිරිපත් කර ඇති ආරක්ෂක ගැටළු පිළිබඳව වාණිජ දෙපාර්තමේන්තුවට සමාලෝචනයක් කිරීමට නියෝග කිරීමෙන් පසුව මෙම තහනම් ලැයිස්තුව නිශ්ප්රභ කිරීම සිදුව තිබේ.