TNA සහාය ආණ්ඩුවට
වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි දේශයට වාර්තා වෙයි.
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය අවස්ථාවක රජයට සහාය විය යුතු බවට දෙමළ සන්ධානයට උපදෙස් දී ඇත්තේ ප්‍රබල යුරෝපා රටවල් තුනක තානාපතිවරුන් බවද දැනගන්නට ඇත.
මේ ගැන දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ දෙමළ සන්ධානය රජයට සහාය පළකරන්නට ගියහොත් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ විකල්ප දේශපාලන පක්ෂය උතුරේ හිස ඔසවනු ඇතිබවට දෙමළ සන්ධාන නායකයන් තුළ හටගෙන තිබෙන සැකයයි.
කෙසේ වෙතත් තානාපති අංශවලින් එල්ලවන ප්‍රබල බලපෑම් හමුවේ මේ ගැන අවසන් තීන්දුවක් ගැනීම කල්දමා තිබේ.
දේශපාලන වාර්තාකරු (ඉරිදා දේශය)

popular news
-
saman Sunday, 14 October 2018 10:08 PM
ඔබලාගේ එකම පරමාර්ථය වී ඇත්තේ මේ රජය කෙසේහෝ වැට්ටීමට බව මේ බේගලය ප්රවුර්ත්යක් ලෙස පලකිරීමෙන්ම සනාත වෙයි. ඔබලා කොයිබටද ?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

