ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා සම්බන්ධනේ සිදුකරන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදී විමර්ශන දිසාවේ තිබූ ස්වයංක්‍රීය ගිනි අවි දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ භාරයට ගත් බවට පළවූ මාධ්‍ය වාර්තා සත්‍යයෙන් තොර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම එම විමර්ශනයට අදාළව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් නියෝගයක් අනුව නාමල් කුමාරගෙන් මහතාගේ කටහඬ පරීක්ෂණයක් සඳහා හෙට දිනයේදී ඔහුට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝගයක් ලබාදී ඇති පොලීසිය නිකුත් කළ නිවේදනයක වෙයි.