STF හා පාතාල පිරිසක් අතර වෙඩි හුවමාරුවෙන් පාතාල ලොක්කන් දෙදෙනෙක් ජීවිතක්ෂයට
කොට්ටාව රුක්මල්ගම අධිවේගී ගුවන් පාලම යටදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් හා සැකකරුවන් පිරිසක් අතර අද (26දා) රාත්‍රී 9.15 ට සිදුවූ වෙඩි හුවමාරුවකදී හබරකඩ වසන්ත හා මීගොඩ උපුල් යන පාතාල නායකයන් දෙදෙනා රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් වෙත වෙඩි තැබීමක් සිදුකිරීමත් සමග ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී බරපතළ තුවාල ලැබූ මෙම පාතාල නායකයන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
හබරකඩ වසන්ත නමැත්තා මාතර නිලේකා ජුවලර්ස් ආයතනය කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව පොලීසිය සඳහන් කරයි.
එම පුද්ගලයන් දෙදෙනා සතුව තිබූ මැෂින් ගන් වර්ගයේ ගිනි අවියක් හා මයික්‍රො වර්ගයේ ගිනි අවියක් පොලිස් බාරයට ගෙන තිබේ.
බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ
popular news
-
ජයන්ත Tuesday, 27 November 2018 04:38 PM
පසුගිය අවරුදු තුන ඇතුලත පාතාලයන්ට කිරි පෙව්වා. දැන් ඉතින් මුන් ටික ඉවර කරන්න ඕන.
Reply : 2 47
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

