පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්රධාන පොලිස් පරීක්ෂකවරුන් 11ක් සහකාර පොලිස් අධිකාරී තනතුරට උසස් කර තිබේ.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ හා මැතිවරණ කොමිෂන් සභාවේ අනුමැතිය අනුව මෙම උසස්වීම් ලබාදී තිබේ. ඔවුන්ගේ සේවා කාලය හා කුසලතාව අනුව මෙම උසස්වීම් ලබාදී තිබේ.
එසේම උසස් කිරීම් සඳහා පැවැති සම්මුඛ පරීක්ෂණයේදි මුළු ලකුණු වල අනුපිළිවෙළ අනුව 07/10 දා සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී තිබේ.
