SLPP හා SLFP එක්ව තරග කිරීමට දීර්ඝ සාකච්ඡා
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් හා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුවේ) පක්ෂ නායකයින් අතර දීර්ඝ සාකච්ඡා ආරම්භ කර තිබේ.
ශ්‍රීලංකා නිදහස් පක්ෂයත් පොදු පෙරමුණට සම්බන්ධ පක්ෂත් ඇතුලු සියලුම පාර්ශ්ව එකට එකතු වී එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ හෝ වෙනත් පොදු පෙරමුණක් යටතේ පාර්ලිමේන්තු මැතිවරණයට තරග කළ හැකි බවද එම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ සිටින ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළ යුතු බවට පොදුජන පෙරමුණේ නායකයින්ගේ මතය වී තිබේ.
එමෙන්ම, ආණ්ඩුව විසුරුවන තෙක් ආණ්ඩුවේ රැඳී සිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ බහුතර මතය වී තිබෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කළහොත් එයට තමන් සහයෝගය ලබා නොදෙන බවයි.
මේ නිසා සියලුම පාර්ශ්වවලට එකට එකතු වී කටයුතු කළ හැකි සන්ධානයක් හා අලුත් ලකුණක් තෝරාගැනීම පිළිබඳවද කතාබහක් ඇති වී තිබෙන බව වාර්තා වේ.
මේ අතර,ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන ආකාරය පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද හෙටමතීරණයක් ගන්නා බව එම පක්ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.
පක්ෂය වටා ප්‍රධාන පක්ෂ දහයක් එකතු වී සිටින බවත්, මේ නිසා ඔවුන් සමග වෙන වෙනමත්, පක්ෂ සියල්ලම පොදුවේත් සාකච්ඡා කළ යුතුව තිබෙන බවත් 'අද' කළ විමසීමකදී ඔහු පවසා සිටියේය.
ඉදිරි මැතිවරණයකට පොදු ලකුණකින් තරග කිරීම සිදුවිය හැකි බවත්,එය සියලුම දෙනා සමග සාකච්ඡා කර තීරණය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මතය වී ඇත්තේ මහ මැතිවරණයට පොහොට්ටුවේ සලකුණින් තරග කළ යුතු බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුළුතර පක්ෂයක් වී ඇති බවත් අවශ්‍ය නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පොදුජන එක්සත් පෙරමුණට සන්ධානගත විය හැකි බවයි. මේ පිළිබඳව පොදුජන එක්සත් පෙරමුණට සම්බන්ධ නායකයින් ඊයේ රාත්‍රී විශේෂ සාකච්ඡාවක නිරත වුණු බවටද වාර්තාවෙයි.
popular news
-
Champa Monday, 12 November 2018 10:34 AM
පොහොට්ටුවේ පළාත් පාලන ආයතන වලට දාපු මිනිස්සු ගැන හුඟක් දේවල් පත්තර වල පහුගිය දවස්වල තිබුන. නඩුත් වැටුන. හොරු, තක්කඩි, මැරයෝ, ස්ත්රීන්ට අතවර කරන්නෝ, දරුවන් පැහැර ගන්නෝ, දරුවන්ට අතවර කරන්නෝ, කසප්පු පෙරන්නෝ, මත්ද්‍රව්‍ය බෙදන්නෝ, මුදල් වංචා කරන්නෝ, බීල වැටිලා ඉන්නෝ, තව නානා ප්‍රකාර මිනිස්සු ඉන්නවා පත්තරෙන් දැක්ක. අලුත්ම පක්ෂයක් වුනහම අඩු ගානේ මුලදිවත් හොඳ මිනිස්සු ඉන්න එපාය. ඒ වගේ පක්ෂ වලින් චන්දෙට දාන මිනිස්සුන් ගැන ජනතාව අවදියෙන් ඉන්න ඕනේ. පක්ෂේ කියලා චන්දෙ නොදී මිනිහ ගැන හොයල බලන්න ඕනේ. ඒ මොකොද කියනවා නම් තමන්ගේ වටිනා චන්දය කවද හරි සාමය පරිහානියට හේතු වෙන්න පුළුවන් නිසා.
Reply : 0 6
Missaka Monday, 12 November 2018 11:07 AM
එක්ව ගියොත් ගොඩ යයි, වෙන්ව ගියොත් මග හිටියි!.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

