SLFP සහාය ලැබෙන අපේක්ෂකයාගේ සුදුසුකම
ජාතික ආරක්ෂාව ගැන හිතන රටට ආදරය කරන නායකයෙක් ජනාධිපති ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ලබා දීමට කටයුතු කරන බව බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය.
හල්දුම්මුල්ල නව ආදාහනාගාරයට මුල්ගල තැබීමේ උස්සවයට සහභාගි වෙමින් මන්ත්‍රිවරයා එසේ සඳහන් කළේය.
“රටට ආදරය කරන දේශපානය පක්ෂය හා නායකයා වෙලාවට මේ රටේ ජනතාව තෝරා ගනියි.
අද මේ රටේ හමුදාපති පත් කළාමත් විදේශීය රට වල බලපෑම් එල්ලවනවා.
අපේ රටේ ප්‍රශ්න අපි බලාගන්නම් කියන නායකයෙක් ජනාධිපති ලෙස අපි පත්කරගමු” යැයි මන්ත්‍රිවරයා කීය.
ලුණුගල ප්‍රසන්න පත්මසිරි
popular news
-
Champa Monday, 26 August 2019 09:03 AM
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් මේ කියන සුදුසුකම ගෝඨාභයට නැහැ. ඇමරිකන් තානාපතිනිය ශවේන්ද්‍රට විරුද්ධව කතා කළා. හැබැයි ගෝඨාභය වචනයක් ඊට විරුද්ධව කිව්වේ නැහැ. මහින්ද කිව්වෙත් නැහැ (මම දැක්කේ නැහැ කොතනකවත්). ඔන්න වැඩ. හිටපු ආරක්ෂක ලේකම්තුමා සහ හිටපු ජනාධිපතිතුමා තමන් යටතේ රට වෙනුවෙන් සටන් කරපු හමුදා නිලධාරියා වෙනුවෙන් වචනයක් කතා කලේ නැහැ. කැනඩාව විරුද්ද වුනා. මානව හිමිකම් කොමසාරිස් විරුද්ධ වුනා. යුරෝපා සංගමය විරුද්ධ වුනා. තව රටවල් විරුද්ධ වුනා. පොහොට්ටුවේ අනාගත ජනාධිපති අපේක්ෂකයාට තිබ්බ නිවේදනයක් නිකුත් කරන්න. ඇමරිකාවට විරුද්ධව කතා කරන්න බයයි. ගෝඨාභයට කඩේ යන හාමුදුරුවරු දේශපාලකයෝ තව උගත් ජන සමාජය පහුගිය කාලේ වේදිකා දෙවනත් කළා SOFA ACSA VFA ගිවිසුම් ගැන. දැන් සද්ද නැහැ. ඇයි? ගෝඨාභය ඒවා අත්සන් කරන්නේ නැහැ කියලා අද වෙනකම් කියල නැහැ. දැන් ඇමරිකන් තානාපතිනි එක පාරට කියනව ඒ ගිවිසුම් අකුලා ගත්තලු. ජනාධිපතිවරණෙන් පස්සේ කතා කරනවලු. ඒ මොකොද එහෙම කිව්වේ එතකොට ගෝඨාභය ඒ ගිවිසුම් ගැන තමන්ගේ මතය කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බැසිල් deal දාල තියෙන්නේ. ඒකයි පොහොට්ටුව කියන්නේ එම ගිවිසුම් සමාලෝචනය කරනවා කියල. ඒ ක්
Reply : 0 0
Champa Monday, 26 August 2019 09:26 AM
දැන් පහුගිය කාලේ හැමෝම කෑගහව්වනේ රටට තියෙන්න ඕනේ එක නීතිය කියල. දැන් ගෝඨාභය එහෙම කරයිද? කීයටවත් නැහැ. බැසිල් සහ පොහොට්ටුව SOFA MCC ACSA ගිවිසුම් අත්සන් කරන්න ඇමරිකාව එක්ක deal දාල තියෙන්නේ. අන්තිමට වෙන්නේ මම කිව්ව දේ. රනිල් නවත්තපු තැන ඉඳන් ගෝඨාභය පටන් ගන්නවා. කිසි කෙනෙකුට බැහැ නවත්තන්න. අද වෙනකම් එක හාමුදුරු කෙනෙකුට බැරි වුනා ගෝඨාභය ලව්වා රට පාවා දෙන ඇමරිකන් ගිවිසුම් වලට විරුද්ධයි කියලා කියව ගන්න. බයයි. ඒකයි ඇත්ත කතාව. දැන් එකපාරට ETCA එකත් එලියට ඇවිල්ල. ඒක පිටිපස්සේ ඉන්නේ බැසිල්. මහින්දයි විමලුයි ගම්මන්පිලයි එකතු වෙලා ඇමරිකන් ගැත්තෙකුයි ඉන්දියන් ගැත්තෙකුයි බලයට ගෙනල්ල කරන්න හදන්නේ මුළු රටටම ද්‍රෝහිකමක්. මුරුත්තෙට්ටුවේ හාමදුරුවෝ කිව්ව සියයට 90ක් හාමුදුරුවරු ගෝඨාභයට සහයෝගය දෙනවලු. ඒ කියන්නේ සියයට 90ක් හාමුදුරුවරු දේශද්‍රෝහීන් සහ ජාතිද්‍රෝහීන් කියන එක. මේක කලිනුත් කියල තියෙනවා. අපිට ලොකු අපේ රට මිසක් පුද්ගලයන් නෙමෙයි. නායකයෝ එනවා යනව. හැබැයි මේ රට ඉතුරු වෙලා තියෙන්න ඕනේ. ඒ හින්ද නිරවුල් මනසකින් හිතල තීරණ ගන්න ඕනේ. ගෝඨාභයට හරි දේට හරි වෙලාවට කතා කරන්න කොන්දක් නැහැ. කිසි දැක්මක් නෑ. CONT
Reply : 0 0
Champa Monday, 26 August 2019 09:43 AM
ගෝඨාභයට දැක්මක් නැහැ. පොහොට්ටුවේ තරුණ සම්මේලනයේදී ප්‍රශ්න ඇහැව්වා. අධ්‍යාපනය ගැන. උත්තරේ: ජාතික ප්‍රතිපත්තියක් සැකසීම, කාර්මික විද්‍යාල වැඩි දියුණු කිරීම, high speed internet දීම, ඉංග්‍රීසි ඉගැන්වීම. හැබැයි කොහොමද කරන්නේ කිව්වේ නැහැ. මේ උත්තරේ අපි දහස් වාරයක් අහල තියෙනව. ලංකාවේ හැම දේශපාලකයම කියන්නේ මේක. මේ ප්‍රශ්නේ මගෙන් ඇහැව්වොත් මම තනි වාක්‍යකින් කියනව කරන දේ. ඊළඟට ඇහැව්වා ආරක්ෂාව ගැන, හරියට මට තේරුනේ නැහැ අන්තවාදය ගැනත් ඇහැව්වා මන් හිතන්නේ. උත්තරේ: බුද්ධි අංශ නැවත ස්ථාපනය කිරීම, ආරක්ෂාවට මුල් තැන දීම වගේ දේවල් කිව්ව. මේකද උත්තරේ? නැහැ, කෙලින්ම කියන්න පුළුවන් වෙන්න ඕනේ තමන් ගන්න ප්‍රයෝගික ක්‍රියා මාර්ගය මොකක්ද කියල. ඊළඟට sports ගැන ඇහැව්වා.උත්තරේ: Sports University එකක් හැදීම. මේකද උත්තරේ වෙන්න ඕනේ. නැහැ. SU එකක් හැදුව කියල රටේ ක්‍රීඩා දියුණු වෙන්නේ නැහැ. Simple උත්තරයක් තියෙන්නේ මේකට. උතුරට මොකක්ද කරන්නේ ඇහැව්වා. උත්තරේ: දකුණේ සංවර්ධනය උතුරටත් ගෙන යෑම, මේක අපි අනන්තවත් අහල තියෙනවා. උත්තරේ ඕකද? නැහැ. ලංකාවට ඕනේ බැසිල්ගේ යල් පැනගිය අදහස් ක්‍රියාත්මක කරන ජනාධිපති කෙනෙක් නෙමෙයි. අලුත්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

