SLFP මධ්‍යම කාරක සභා රැස්වීමක්
ඉදිරි දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කර තීරණයක් ගැනීමට හෙට (26දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබේ.මෙහිදී සියලුම මධ්‍යම කාරක සභිකයන්ට මෙම රැස්වීමට සහභාගි වන ලෙස දන්වා යවා ඇත.
දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අමතරව ඉදිරි මැතිවරණයට මුහුණ දීම සඳහා පුළුල් පෙරමුණක් සකස් කිරීම හා පක්ෂ ප්රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ මෙහිදී සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබේ.
පක්ෂ සභාපති, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බව එම පක්ෂ මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කළේය.

popular news
-
Don Sunday, 25 November 2018 08:09 PM
SLFP එකේ මිනීපෙට්ටියට ඇනගහන්න එක්ක්වෙන්න හෙට සිරිසේනව මුණගැහෙන්න !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

