SLFP පිරිසක් ජනබලය පාවාදීමට උත්සාහ කරනවා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිලධාරීන් එක්සත් ජාතික පක්ෂයට එහා ගොස්ජ නබලය උද්ඝෝෂණයට හා සත්‍යග්‍රහයට විරුද්ධව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටින පාවාදෙන්නන් කිහිප දෙනෙකු විසින් උද්ඝෝෂණය කඩාකප්පල් කිරීමට කටයුතු කරගෙන යන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම ගත් සාමූහික තීන්දුවට විරුද්ධව කටයුතු කළ දෙදෙනෙකු තවමත් පක්ෂයේ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩාම විසින් බොරැල්ල ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේ පැවැත් වූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව කියා සිටියේය.
මෙහිදී අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් මහලේකම්ධුරය දරන රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රීලනිප සාමාජිකයෙකු නොවන බවයි.
පියදාස මහතා ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයකු බවත්, ඔහු මේ දක්වා එම පක්ෂයෙන් ඉල්ලා අස්වී නැති බවත් මන්ත්‍රීවරයා කියා සිටියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේ ලෝකයේ රටවල්වල උද්ඝෝෂණ මගින් ආණ්ඩු පෙරළා තිබෙන බවත්, වත්මන් ආණ්ඩුව පෙරළා දැමීමට ජනබලය උද්ඝෝෂණය උපයෝගී කර ගන්නා බවත්ය.

popular news
-
Don Monday, 03 September 2018 08:53 PM
Betrayer sees others as betrayers
Reply : 1 0
rocky Tuesday, 04 September 2018 08:03 AM
ජන බලය කොහොම වුනත් අශ්ව බලය කියල එකක් ගැන නම් අපි දන්නවා.මේකත් ඒ වගේ එකක්ද? මී හරක් බලය, බුරු බලය වගේ ඒවත් ඉදිරියේදී බලන්න පුළුවනි.
Reply : 1 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
