ඉදිරි ජනාධිපති අපේක්ෂකයා තෝරාගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය මත සිදුවන බවට ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනා සඳහන් කළද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාම බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ආණ්ඩුවෙන් ඉවත් වූ කණ්ඩායම වාසි තකා ඒකාබද්ධ විපක්ෂය සමග එකතු වී සිටියද, 2015 ජනවාරි 08 වැනිදායින් පසු මොවුන් වාසි තකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග එකතු වූ බවද ඔහු පවසා සිටියේය.
පක්ෂයේ ප්‍රධාන අරමුණ රට හැදීම බවත්, මේ අනුව දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් වූ පමණින් රට හැදීමට නොහැකි බවත් ජාතික සංවිධායකවරයා කියා සිටියේය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දේශපාලනයේ ජනප්‍රිය චරිතයක් බවත්, එසේ වූයේ යැයි කියා ඔහුට රට පාලනය කළ හැකිදැයි ප්‍රශ්නයක් තිබෙන බවත් අමාත්‍යවරයාසඳහන් කළේය.
පොහොට්ටුව නැවත වතාවක් ගමන් කරමින් තිබෙන්නේ පවුල්වාදයට බවත්, 2015 ජනවාරි 08 වැනිදා ජනතාව පරාජයට පත් කළේද පවුල්වාදය සහ ඒකාධිපතිවාදය බවත් ඒ මහතා පවසා සිටියේය.
16 දෙනාගේ කණ්ඩායම පවසන ආකාරයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආශිර්වාදය ලැබෙන කෙනෙකු ජනාධිපති අපේක්ෂකයා වන්නේ නම්, හිටපු ජනාධිපතිවරයාගේ සිතේ තිබෙන්නේ තම සහෝදරයෙකු ජනාධිපති අපේක්ෂකයෙකු බවට පත් කිරීම යැයිද දුමින්ද දිසානායක මහතා කියා සිටියේය.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
