SLFP - SLPP සන්ධානය පිළිබඳ තීරණ කිහිපයක් අද
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ගොඩනැගීමට නියමිත සන්ධානය පිළිබඳව විශේෂ තීන්දු තීරණ කිහිපයක් අද (30දා) ගැනීමට හැකියාව තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
සන්ධාන ගත වීමේදී ලකුණ වෙනස් කිරීම පිළිබඳව සාකච්ඡා සිදුවෙමින් තිබෙන බවත් ඒ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීන්දුව ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පවරා තිබෙන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
පෙරේදා (28දා) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර ඇතිවූ විශේෂ සාකච්ඡාවේදි ගත් තීරණ පිළබඳව අද (30දා) පැවැත්වෙන පක්ෂ මධ්‍යම කාරක සභාවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
සන්ධානගතවීම පිළිබඳව සාකච්ඡා කිරීමට අද (30දා) විශේෂ මධ්‍යම කාරක සභාවක් පැවැත්වෙන බවද අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ඉන්දික හේවාවිතාරණ/අමිත් මධුරංග

popular news
-
rana Monday, 30 September 2019 11:54 AM
මේ ඇයො තීරණ ගන්නකොට කෝච්චිය ගිහිල්ල ඉවරෙඉ .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

