ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර අද (03 දා) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
අදාළ සාකච්ඡා සාර්ථක වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීම සඳහා හෙට සිට වැඩ කටයුතු කරන බවද අද (03 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
සන්ධාන ගතවීමට අදාළව බොහෝ කටයුතු සාර්ථකව සිදුකර තිබෙන බවත් එහෙත් ලාංඡනය පිළිබඳ ගැටළුව විසඳා ගැනීමට තිබෙන බවද පවසා සිටියේය.
