ඉදිරි ජාතික මැතිවරණ දෙක සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රතිපත්ති මාලාවක් සකස් කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ජනාධිපතිවරණයට හා පාර්ලිමේන්තු මැතිවරණයට ක්‍රියාත්මක කළ හැකි ලෙස මෙය සකස් කර තිබෙන බවත්, ඉදිරි මැතිවරණවලට සකස් කරන සන්ධානයක් හරහා එය එළිදක්වන බවත් ඒ මහතා පවසා සිටියේය.
සකස් කළ ප්‍රතිපත්ති මාලාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාරදී තිබෙන බවත්, ඒ සඳහා පක්ෂ මධ්‍යම කාරක සභා අනුමැතියට ඉදිරිපත් කරන බවත් අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මහලේකම්වරයා සඳහන් කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව සකස් කරන පුළුල් සන්ධානය පිළිබඳ සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන බවද ඒ මහතා පවසා සිටියේය.
